Wednesday, June 5, 2013

ආයුබෝවන් !

ආයුබෝවන් ! අම්පාර වැනි දුෂ්කර යයි පිළිගත් ප්‍රදේශයක රාජ්‍ය අනුග්‍රහය මත බිහිකළ හැකි උසස් වූ රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කිරීමේ මූලික අදිටන ඇතිව 2013 දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමීව ඇරඹූ අම්පාර දිස්ත්‍රික් පුහුණු ඒකකය ආරම්භ කර දැනට වැඩි කලක් ගත නො වූවත් SLIDA( ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය) හා එක්ව දුරස්ථ ක්‍රමයට මෙහෙයවූ පුහුණු පාඨමාලා කිහිපයෙන් ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, රාජ්‍ය සේවා පුහුණු ආයතනයක් සමඟින් අම්පාර මහ දිසාපති තුසිත පී. වනිගසිංහ මැතිතුමන්ගෙන් ලබන ආශිර්වාදාත්මක මඟ පෙන්වීම මත දිගාමඩුලු රාජ්‍ය සේව⁣ය දැනුමින් පරිපූර්ණ සේවාවක් බවට පත් කරන්නට කල් යල් බලන්නෙමු. මෙම බ්ලොගය ඇරඹීමේ අදහස වනුයේ ද අප යන මේ ගමන සඳහා වන ආශිර්වාදය ඔබගෙන් ලබා ගැනීම හා අපගේ දැනුම ඔබ සැම සමඟින් බෙදා ගැනීම වේ. ඔබගේ අදහස් හා යෝජනා අපගේ ඉදිරි ගමන සඳහා අප බලාපොරොත්තු වන්නෙමු. සෑම විටම අපගේ ampdtu@gmail.com විද්‍යුත් ලිපිනය ඔබගේ අදහස් හා යෝජනාවන් සඳහා විවෘතව පවතී.

No comments:

Post a Comment