Friday, June 14, 2013

පරිගණකයේ ඉතිහාසය සැකෙවින්...(පළමු කොටස)

පරිගණකය අද ලෝකව තුළ සුලභ වූ භාණ්ඩයක් බවට පත්ව තිබුණද මීට වසර 30 කට පමණ පෙර පරිගණකයක් යනු අතිශය සුඛෝපභෝගී වූ දෙයකි. ඉතා ශීඝ්‍ර වූ වර්ධනයක් හිමි කර ගනිමින් මිනිසා විසින්ම නිමැවූ මිනිස් බුද්ධීය පරයා අනාගතයේ පරිණාමය විය හැකි පරිගණක පිළිබඳව දැන් දැන් ඉඟි පහළ වෙමින් පවතී. ඒ පිළිබඳව ආතර් සී. ක්ලාක් මහතා විසින් ලියැවුණු අභ්‍යාවකාශ වීර චාරිකාව නම් ග්‍රන්ථ පෙළ තුළ තුළින් අවබෝධ කරගත හැක. එසේ පරිණාමය වන පරිගණක ලොව තුළ පරිගණකයේ ඉතිහාසය පිළිබඳව අප සැකෙවින් මෙම ලිපිය තුළින් විමසා බලමු. 

  • ක්‍රි.පූ. 5000ත් 3000ත් අතර කාලය තුළ ලොව ගණනය කිරීමේ ප්‍රථම උපකරණය ලෙස ඇබකසය චීන ජාතිකයින් විසින් හඳුන්වාදෙන ලදී. එය ක්‍රම ක්‍රමයෙන් අනෙකුත් රටවලටද ව්‍යාප්ත විය.

ඇබකසයේ රූපයක්
  • ඉන් පසු පැමිණියේ නේපියර් දඬු නම් ගණනය කිරීමේ ක්‍රමවේදයයි. 1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් ( John Napier ) විසින්  ලඝුගණක සිද්ධාන්ත ( logarithm )සොයා ගැනීම සිදු කළද එය එ කළ එතරම් වැදගත් ලෙස පිළිගැනුණේ නැත. එහි වූයේ ලඝු ගණක ආධාරයෙන් ගුණ කිරීම් එකතු කිරීම්වලට හරවා පිළිතුර ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු උපයෝගී කර ගත්තේ ඇත් දළ තීරු තුළ අවශ්‍ය අගයයන් සඳහන් කර ඒවා ගණනය කිරීම්වලට යොදා ගැනීමයි.
    නේපියර් සිද්ධාන්තය
    ජර්මන් ජාතික මහාචාර්ය වරයෙකු වූ Wilhelm Schickard විසින් 1623 දී පමණ calculating clock එක නමින් වූ උපකරණයක් උපකරණයක් නිර්මාණය කළද එය එතරම්ම ජනප්‍රිය නො වීමට හේතුව වූයේ ඔහු අකාලයේ මිය යාමයි. 
    විල්හෙල්ම් ෂිකාඩ්ගේ  calculating clock 

    බ්ලේස් පැස්කල් විසින් ගණිත කටයුතු පහසුවෙන් සිදු කර ගත හැකි Pascaline යන්ත්‍රය 1642 දී පමණ නිර්මාණය කරනු ලැබුවා. මෙය ද පරිගණක යන්ත්‍රයකට වඩා පරිගණක යන්ත්‍රය සඳහා මූලික මඟ සකස් කළ ගණනය කිරීමේ යන්ත්‍රයකි.

    Pascaline යන්ත්‍රය

    මින් සකස් වූ මඟ ඔස්සේ ගමන් කළ වර්ෂ ප්‍රංශ ජාතික Joseph Marie Jacquard විසින් 1801 දී පමණ Power loom එක නිර්මාණය කරන ලද අතර රෙදි වියන කටයුතු සඳහා කාඩ් පත්වල සිදුරු මවමින් Punch card නම් ක්‍රමයක් භාවිත කරමින් විවිධ රටා මවන ලදී.

    Punch card
    Power loom මඟින් විවිධ රටා ඇති කිරීම

    මෙම  Power loom ක්‍රමය අපගේ ලිපියට වැදගත් වන්නේ එය පළමු පරිගණකය ක්‍රියා කරවීම සඳහා යොදා ගැනීම නිසායි. එනම්, චාල්ස් බැබේජ් විසින් 1833 වසර පමණ වන විට ලොව පළමු ගණනය කිරීමේ යන්ත්‍රය ලෙස හා දත්ත සැකසීමේ යන්ත්‍රය ලෙස Differential Engine එක නිර්මාණය කෙරුණි.

    මෙම යන්ත්‍රය ලීවර හා දැති රෝද විශාල ප්‍රමාණයකින් සමන්විත වූ අතර සරල ගණිත ක්‍රම මෙමඟින් සිදු කළ හැකිව තිබුණි. එහෙත් මෙම යන්ත්‍රය මඟින් එකතු කිරීම් කරමින් සිටිය දී අඩු කිරීමක් කළ යුතු වූ විට කවරෙකු විසින් හෝ  යන්ත්‍රය පිටින් ඇති දැති රෝද හා ලීවර වෙනස් කළ යුතුය !

    මෙය නූතන පරිගණකයට සමාන වන්නේ  දත්ත ආදානය (input), තැන්පත් කිරීම (Storing),
    සකස් කිරීම (processing) සහ ප්‍රතිදානය(output) සඳහා අවශ්‍යය කරන උපාංග ඒ තුලම නිර්මාණය වී තිබුණු බැවිනි. මෙම සංකල්ප නූතන පරිගණක තාක්ෂණය සඳහාද බෙහෙවින් උපකාරී වී තිබේ. 

    කෙසේ වෙතත් මේ Differential Engine එක අතිශය විශාල නිපැයුමක් වූ අතර ඉඩ කඩ සෑහෙන අවශ්‍ය විය.


    Differential Engine

    මෙයින් පසු සිදු ක්‍රම ක්‍රමයෙන් සිදු වූ පරිගණකයේ පරිණාමය පිළිබඳව විවිධ යුග වශයෙන් වෙන් කරමින් සිදු කරන හැඳින්වීම එනම්, මෙහි දෙ වන පියවරෙන් හමුවෙමු...





No comments:

Post a Comment