Thursday, August 1, 2013

මෘදුකාංග

පෙර ලිපියකින් පැවසූ පරිදිම මෙම ලිපිය තුළින් අප පිවිසෙන්නේ තවත් වැදගත් වූ කොටසක් වෙතයි. එ නම්, අප පරිගණකයේ බාහිරින් ස්පර්ශ කළ කොටස් පිළිබඳව අදහසක් ඇති කර ගත්ත ද, එහි කාර්යයන් පහසු කරගැනීම සඳහා දායක වන මෘදුකාංග පිළිබඳවයි.


පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් හෝ දැනට තිබෙන නවීන පන්නයේ විද්‍යුත් උපාංග බොහෝමයක් පාහේ ක්‍රියාත්මක වන්නේ දෘඩාංගයන්ට අයත් මෘදුකාංග මතය. එ නම්, උදාහරණ වශයෙන් පරිගණකයේ ඇතුළත් කර ඇති දෘඩාංග පරිසරය මත පදනම්ව ඊට අදාළ මෙහෙයුම් පද්ධති මෘදුකාංගය මූලික කරගනිමින් ධාවනය වන අනෙකුත් යෙදවුම් මෘදුකාංග ( ලිපි සැකසුම් මෘදුකාංග, වයිරස් ආරක්ෂණ මෑදුකාංග, ආදිය...) දැක්විය හැක.
 
සමස්තයක් වශයෙන් ගත් කල අද ලොව තුළ පරිගණක මෘදුකාංගයක් යනු පරිගණක භාවිත කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන්ය. මේවා මිනිසා විසින්ම තම පහසුව තකා නිර්මාණය කරගන්නා අතර මෘදුකාංග ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංග මතය. එ නම් මෘදුකාගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි.

මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) වෙතට ප්‍රවිශ්ටවී එහි ඇති උපදෙස් මාලාව ( Instruction Set) එකින් එක පිළිවෙළට ප්‍රධාන සැකසුම් ඒකකය(Central Processing Unit) වෙත ලබා දෙයි.  මෙහි දී එම සංඥා ලබා දෙන්නේ යන්ත්‍ර භාෂාවෙන් (Machinery Language) වන අතර ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස්වලට අනුව නිකුත් කරයි.ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.


පරිගණක වැඩසටහනකට දත්ත ඇතුළත් කිරීමේ දී එම දත්තවල නිවැරදිතාවය තහවුරු කිරීමට Validation භාවිත කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (Pattern) හෝ අර්ථ දැක්වීමකට (Definition) අනුගතදැයි පරීක්ෂා කර බැලීමයි. මෙමඟින් වැරදි දත්ත ඇතුල් කිරීමේදී ම වළක්වාගත හැක. නමුත් Validation නීතියක් සමත් වීම ම එම දත්තය නිවැරදි වීමට හේතුවක් බව මුළුමනින්ම සනාථ නො කරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති සම්භාවිතාවය ඉතා අවම බවයි. එ නම් Validation අසමත් දත්තයක් මුළුමනින්ම නිශ්ප්‍රයෝජන බවය. 

මෘදුකාග ප්‍රධාන වශයෙන් කොටස් 03 කට බෙදා වෙන් කරනු ලැබුව ද මෙම වර්ගීකරණය බොහෝ දුරට මතභේදකාරී මෙන්ම නො පැහැදිලිය.


පද්ධති මෘදුකාංග ( System Software)

පරිගණක දෘඩාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක, දෝෂ විනිශ්චය පිළිබඳ උපකරණ, මෙහෙයන්, කවුළුමය පද්ධති, ප්‍රයෝජනවත් සේවා හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංගයන් හි අරමුණ හැකිතාක් දුරට භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය, විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඩාංගවල ලක්ෂණ අමතර උපාංග සන්නිවේදනයන්, මුද්‍රණ යන්ත්‍රයන්, යතුරු පුවරුව මඟින් ඇතුළත් කරන දත්ත තිරය මඟින් මෙහෙයවන්නාට ලබා දීමයි.

ක්‍රම සම්පාදන මෘදුකාංග ( Programming Software)

ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිත කරමින් පරිගණක වැඩසටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රමසම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි.
 

යෙදුම් මෘදුකාංග ( Application Software)

අවසන් පරිශිලකයා හට විශේෂ මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය, ව්‍යාපාරික මෘදුකාංග, අධ්‍යාපනික මෘදුකාංග, දත්ත ගබඩාව හා පරිගණක ක්‍රීඩා මෙයට අයත් වේ.
මෙසේ මෘදුකාංග වර්ගකරණය සිදු කිරීම මඟින් තම වැඩකටයුතු පහසු කර ගැනීමට ඉඩ සලසා ගනු ලබන අතර, ප්‍රධාන වශයෙන් මෘදුකාංග වාණිජමය කොටස් 02 කි.

හිමිකාරීත්ව මෘදුකාංග (Closed Source Software)

මෘදුකාංග වෙළඳපළ තුළ දැනට ඉහළින්ම පෙනී සිටින Microsoft සමාගම මෙම හිමිකාරීත්ව මෘදුකාංග වෙළඳාමේ හොඳම නිදසුනයි. වාණිජ වශයෙන් මෙම මෘදුකාංග නිර්මාණය කරනු ලබන අතර හිමිකාරීත්වය ලබා ගැනීම සඳහා මිල දී ගත යුතුය. එ හෙත් මිලදී ගත් පමණින් එහි කිසිඳු වෙනසක් සිදු කිරීමට පරිශීලකයාට නො හැකි අතර එය නීති විරෝධී ක්‍රියාවක් ද වේ. එම මෘදුකාංගය මිල දී ගත් විට එය ක්‍රියාත්මක කරමින් තම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට පමණක් පරිශීලකයාට සිදු වේ. මෙම මෘදුකාංගයන් හිමිකම් වාරණය කර ඇති අතර කේතය වෙනස් කිරීම ද සපුරා තහනම් වේ.

උදා:-

Apple MAC මෙහෙයුම් පද්ධතිය
Microsoft Windows මෙහෙයුම් පද්ධතිය
Microsoft Office
Apple i OS ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය
Adobe Photoshop


  Apple MAC මෙහෙයුම් පද්ධතිය


   Microsoft Windows මෙහෙයුම් පද්ධතිය
 

     Microsoft Office


Apple i OS ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය


Adobe Photoshop

නිදහස්/විවෘත කේත මෘදුකාංග (Open Source Software)

මෘදුකාංග අතර බොහෝ දුරට අනාගතය ජය ගන්නා මෘදුකාංග වර්ගය බවට පත් වන ඉඟි දැන් දැන් පහළ කරමින් පවතින මෙම මෘදුකාංග වර්ගය ලොව වටා විශාල සංවර්ධකයින් පිරිසකගේ දායකත්වයෙන් නිමැවෙන බැවින් අඩු ලුහුඬුකම් හා දෝෂ ඉතා ඉක්මණින් හඳුනාගෙන ඒවාට පිළියම් යොදනු ලබයි. එ බැවින් ඉතා නිරවද්‍ය මෘදුකාංග වර්ගය ද මෙයම වේ. නො මිලේ ලබා දෙන බැවින් හා තමන්ට රුචි පරිදි කේතය වෙනස් කරගනිමින් භාවිත කළ හැකි බැවින් බොහෝ දෛනා මෙම මෘදුකාංග භාවිතය සඳහා ප්‍රියතාවයක් දක්වයි. 

උදා:- 
Ubuntu , Fedora ආදී ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති.
Open Office මෘදුකාංග පැකේජය
VLC මාධ්‍ය ධාවකය
Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය
Mozilla Firefox වෙබ් ගවේශක මෘදුකාංගය


Ubuntu ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය


 
 Open Office 

VLC මාධ්‍ය ධාවකය


Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය


 Mozilla Firefox වෙබ් ගවේශක මෘදුකාංගය

මෘදුකාංග ලොව අනාගතය පිළිබඳව සැලකිල්ලෙන් බලන කල පෙනී යන කරුණ වන්නේ හිමිකාරීත්ව මෘදුකාංග මිල දී ගැනීම වෙනුවට බොහෝ පරිශීලකයන් නිදහස් මෘදුකාංග භාවිතය සඳහා දක්වන නැඹුරුව වැඩි වන බවයි. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියයි. ඒ පිළිබඳව වෙනමම ලිපියකින් ඉදිරියේ දී විමසා බැලීමට නියමිතය. මී ලඟ ලිපියෙන් මෙම මෘදුකාංග අතරින් හිමිකාරීත්ව මෘදුකාංග ලොව ඉහළින් වැජඹෙන Microsoft Windows මෙහෙයුම් පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරමු.
 
 








No comments:

Post a Comment