Thursday, July 4, 2013

පරිගණකයේ මූලික කොටස් හඳුනාගනිමු... (දෙවන කොටස)

පෙර ලිපියෙන් පොරොන්දු වූ පරිදිම අප මෙම ලිපියෙන් ඉඩ සලසා දෙන්නේ පරිගණකයේ මුද්‍රණ යන්ත්‍රය හෙවත් ප්‍රින්ටරය හා යතුරු පුවරුවත්, මවුසය පිළිබඳවත් හා අනෙකුත් උපාංග පිළිබඳවත් දළ අවබෝධයක් ලබා දීමටයි. ඒ සඳහා පරිගණකයේ ආදාන උපාංග (Input Devices) සහ ප්‍රතිදාන උපාංග (Output Devices) යනු මොනවාදැයි අවබෝධයක් ලබා ගැනීම වැදගත් ය. එ විට අපගේ පරිගණකයේ භෞතික උපාංගවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහසක් ලබා ගත හැක.

ආදාන උපාංග (Input Devices)

ආදාන උපාංග යනුවෙන් අප හඳුන්වනු ලබන්නේ  දත්ත සැකසීම සඳහා පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග වේ. එ නම්, මවුසය, යතුරු පුවරුව, Joystick ආදී පරිගණක ක්‍රීඩා උපකරණ, වෙබ් කැමරාව මීට කදිම නිදසුන්ය.






මවුසය
 යතුරු පුවරුව
Joystick


වෙබ් කැමරා උපාංගය

ප්‍රතිදාන උපාංග (Output Devices)

අප ආදානය කරන තොරතුරු සකසා නැවත අප වෙත ලබා දෙනු ලබන්නේ ප්‍රතිදාන උපාංග මගිනි. පරිගණක මුද්‍රණ යන්ත්‍රය (Printer) , මොනිටරය ( Monitor) , ස්පීකරය ( Speaker) මේ සඳහා හොඳම නිදසුන් වේ.


 මුද්‍රණ යන්ත්‍රය (Printer)

  
  මොනිටරය ( Monitor) 

 ස්පීකරය ( Speaker)

මේ අනුව පරිගණකයක වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය වන දෘඩාංග පිළිබඳව මූලික දැනීම දැන් අප සතුව පවතින අතර මෙම දෘඩාංග මතින් සැකසුණු පරිගණකයක අපගේ කටයුතු ඉටු කිරීම සඳහා උපකාරීවන පරිගණක මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය ඇතුළත් ලිපිය සමඟින් මී ළඟට හමුවෙමු...

No comments:

Post a Comment