Google ගිණුම හරහා
ලබාගත හැකි සේවාවන් තුළින් ඵලදායී රාජ්‍ය සේවාවක්
01 කොටස
මේ වනවිට
කාර්යාලයීය රාජකාරි කටයුතු සිදු කරන සියළුම නිලධාරීන් හට අවම වශයෙන් එක් Google ගිණුමක් (විද්‍යුත්
තැපැල් ලිපිනයක්) ඇති අතර,ඒ හරහා බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ විද්‍යුත් තැපෑලට
සම්බන්ධ කටයුතු හෝ තම ජංගම දුරකථන සම්බන්ධ කටයුතු පමණි.එසේ වුවද මෙම බලසම්පන්න මුත් අප නොදන්නා එක් Google ගිණුමක් හරහා
සිදු කළ හැකි බොහෝ කටයුතු ඇති අතර එය අප රාජ්‍ය සේවයේ කටයුතු සඳහාද ඉතා ඵලදායී ලෙස
යොදාගත හැක. ඒ පිළිබඳව පහත රූප සටහන් තුළින් පැහැදිලි කිරීම මෙය සකස් කිරීමේ
අපේක්ෂාවයි.
ඊ හිස සහිත කොටස තුළ පවතින යෙදවුම්.
1.Account
මෙම කොටස තුළින් Google
ගිණුමට අනුබද්ධ සියළුම යෙදවුම් පෙන්වා දෙනු ලබන අතර, Google ගිණුමට අනුබද්ධ
ආරක්ෂාව පිළිබඳව යම් අවබෝධයක් ද ලබාගැනීමට හැකියාව පවතී.
2.Search
මෙය අප කවුරුත් වැඩි වශයෙන් භාවිත
කරන Google Search යෙදුමයි. මේ
හරහා සියළුම සෙවුම් කටයුතු බොහෝ අවස්ථාවලදී ඉතා නිවැරදිව ලබාගත හැකිවීම අතිශයින්ම
ප්‍රයෝජනවත්ය.
3.Maps
රාජ්‍ය සේවකයන් වශයෙන් ඉතා වටිනා වන
මෙම යෙදුම හරහා සිතියම් නිරීක්ෂනය සඳහා මනා පහසුවක් සලසාදෙන අතර, බොහෝ
අවස්ථාවන්වලදී මහාමාර්ග මෙන්ම ඉඩම් කොටස් හඳුනාගැනීම් හා විවිධ භූ ලක්ෂණ හඳුනාගැනීමටද
මනා උපකාරීත්වයක් දක්වයි. මෙහි සිතියම් ආකාරයෙන් මෙන්ම චන්ද්‍රිකා දර්ශන
අනුසාරයෙන්ද දර්ශනය වීම් සකසා ගතහැකිවීම බොහෝ භූවිද්‍යා කටයුතුවලදී දායකත්වය
ලබාගැනීමට උපකාරී වේ.
4.Youtube
රාජ්‍ය සේවකයන්ට විවිධාකාර වූ විෂයය
පරාසයන් ඔස්සේ දැනුම තීව්‍ර කරගැනීමට භාවිත කළහැකි මාධ්‍යයක් වුවද, ඒ වෙනුවෙන්
කාලය මිඩංගු කරනුයේ අල්ප වශයෙනි. විවිධාකාර වූ අධ්‍යාපනික මාධ්‍යන් වෙනුවෙන්
ඩීඩියෝ වැඩසටහන් සකසා තම Google ගිණුම හරහා
ඒවා අන් අයටද නැරඹීමට හැකි ආකාරයට මුදාහැරීමටද
මෙමඟින් හැකියාව ලැබේ. ඉතා වටිනා යෙදුමකි.
5.Play
ජංගම දුරකථන
බලසම්පන්න කරනු ලබන මෙම යෙදුම Android මෙහෙයුම්
පද්ධතිය සහිත ජංගම දුරකථන වඩාත් ථලදායී මෙවලමක් බවට පත්කරලීමට අවස්ථාව උදාකරදෙයි.
ක්‍රීඩාවලට වැඩියමක් භාගත කරගනිමින් ජංගම දුරකථනය කාර්යාලයීය කටයුතු සඳහා උපයෝගී
කරගත හැකි මෙවලමක් බවට පත්කරලීමට මෙමඟින් නිතැතින් හැකියාව ලැබේ.
6.Gmail
Google
හි ප්‍රධාන පහසුකම වන මෙමඟින් ආයතන කටයුතු පහසු
කරවාගැනීම පිළීබඳව වෙනමම විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු.
7. Contacts
ජංගම දුරකථනයේ මෙන්ම Gmail ගිණුම්වල
පවතින Contacts ද ගබඩා කර
තබාගැනීම මෙම යෙදුම තුළින් ඉතා පහසු කරයි.
8.Drive
සියළුම ගොනු
වර්ග ගබඩා කරතැබීමේ මාධ්‍යයක් ලෙස භාවිතයට ගතහැකි මෙම යෙදුම භාවිතය පිළිබඳව දැනුම
ඇති රජයේ නිලධාරීන් ඉතා අල්පය. එදිනෙදා රාජකාරියට අත්‍යාවශය වන සියළුම ලේඛන
පරිලෝකනය කර මෙහි ගබඩා කර තබාගැනීම තුළින් මනා ආරක්ෂාවක් ඇතිව අන්තර්ජාල සබඳතාව
ඇති සියළුම උපාංග හරහා ඒවා අවශ්‍ය අවස්ථාවන්හිදී භාවිතයට ගැනීම තුළින් ලිපිගොනු
ඔසවාගෙන යාමේ අවශ්‍යතාව මඟහැරෙන අතර, හුවමාරු කිරීමේ පහසුවද නිතැතින්ම ළඟාකරගැනීමට
හැකියාව පවතී.
මෙවන් වටිනා සේවයක් සලසන Google ගිණුම හා සබැඳි අනෙකුත් සේවාවන් පිළිබඳව විස්තරාත්මක ලිපියකින් මීළඟ කොටසින් මුණගැසෙමු...
No comments:
Post a Comment