Saturday, August 10, 2013

පරිගණකයක් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු



පරිගණකයක හැකියාවන් පිළිබඳව මැන බැලිය හැක්කේ එහි අඩංගු මෘදුකාංගයන්හි සංස්කරණයන් සමඟින් එහි අඩංගු මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමේ දී ඇතිවන සුමට ක්‍රියාකාරිත්වය මඟිනි. යම් කිසි පරිගණකයක අළුත්ම වින්ඩෝස් සෙවන් හෝ වින්ඩෝස් එයිට් ධාවනය වීමේ දී යම් කිසි බාධාවන් හෝ මෙහෙයුම් පද්ධතිය සමඟ අඩංගු මෘදුකාංග සුමටව ධාවනය නො වන්නේ නම් එම පරිගණයේ අදාළ මෙහෙයුම් පද්ධතිය හෝ මෘදුකාංග ධාවනය වීමට අදාළ අවශ්‍යතා සපුරා නො මැති හෝ ඊට වඩා යාන්තමින් සපුරා ඇතැයි සිතිය හැකිය. පරිගණකයක් මිලදී ගැනීමට පෙර අප විසින් වඩා සැලකිලිමත් විය යුත්තේ එ බැවිනි. 

බොහෝ දුරට පරිගණක මිල දී ගැනීමේ දී අප විසින් කළින් භාවිත කරන ලද පරිගණකයක් මිල දී ගැනීමට පෙළඹුණ ද එහි ඇති අනිසි විපාකය වැටහෙන්නේ එය මිගදී ගැනීමෙන් ටික කාලයක් ගෙවී ගිය පසුවය. අවශ්‍ය පරිදි උපාංග සොයා ගැනීමට නො හැකි වීම ද, අමතර කොටස් හිඟ වීම ද, මෙයට හොඳම උදාහරණයකි. එ මෙන්ම එකලස් කරන ලද පරිගණක මිලදී ගැනීම ද මෙයට සමාන වූ විපාකයන් අප හට ගෙන දෙන වැරදි තීරණයකි. මන්ද යත් බොහෝ එකලස් කරන කරන ලද පරිගණකවල ඇත්තේ ඒ ඒ සුදුසු පරිගණක දෘඩාංග නො වන අතර බොහෝ දුරට ඒ හා සමීප දෘඩාංග වේ. මිල දී ගෙන කලක් ගත වන විට පරිගණකය ක්‍රියාත්මක නොකළ හැකි තරම් මන්දගාමී වීම (Slow) හා රත් වීම ද, පරිගණකය එක් වරම ක්‍රියා නොකරන පරිදි වීම (Stuck) හා අභ්‍යන්තර දත්ත සකසනය රත් වීම නිසා පරිගණකය වරින් වර නැවත නැවතත් පරිශීලකයාගේ අවසරයකින් තොරව ක්‍රියා කිරිම ( Restart) ආදිය වීම නිසාඑකලස් කරන ලද පරිගණක මිල දී නො ගැනීම නුවණට හුරුය. එවන් පරිගණකයන්හි පරිගණක උපාංග කොටස් යාවත්කාලීන කරගැනීමට නො හැකි බැවින් බොහෝ දුරට පරිගණකය හරි හැටි භාවිත කරගැනීමටත් පෙරම භාවිතයෙන් කල් ඉකුත් වූ උපකරණයක් බවට පත් වීම සිදු වේ. මේ නිසා පිළිගත් වෙළඳ නාමයක් යටතේ එකම නිෂ්පාදකයාගෙන් නිෂ්පාදිත පරිගණකයක් මිල දී ගැනීම නුවණට හුරුය. 

පරිගණකයක් මිලදී ගැනීමට පෙර දී අප විසින් සිතා  බැලිය යුතු කරුණු රාශියකි.
 

  • භාවිත කරන පරිගණක මෙහෙයුම් පද්ධතිය.
  • පරිගණකයෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන කටයුතු.
  • පරිගණකය භාවිත කරන්නා අනුව අවශ්‍ය වන්නේ ලැප්ටොප් පරිගණකයක්ද නැතහොත් ඩෙස්ක්ටොප් පරිගණකයක්ද යන බව. ප්‍රධාන වේ.

භාවිත වන මෙහෙයුම් පද්ධතිය අනුව පරිගණකයක් තෝරා ගැනීම

දැනට ඇති නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් එයිට් ධාවනය වීම සඳහා පරිගණකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් ලෙස පහත දැක්වෙන අවශ්‍යතා දැක්වේ.

  • Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 (more info)
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

Additional requirements to use certain features:

  • To use touch, you need a tablet or a monitor that supports multitouch (more info)
  • To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768
  • To snap apps, you need a screen resolution of at least 1366 x 768
  • Internet access (ISP fees might apply)
  • Secure boot requires firmware that supports UEFI v2.3.1 Errata B and has the Microsoft Windows Certification Authority in the UEFI signature database
  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
  • Microsoft account required for some features
  • Watching DVDs requires separate playback software (more info)
  • Windows Media Center license sold separately (more info)
  • BitLocker To Go requires a USB flash drive (Windows 8 Pro only)
  • BitLocker requires either Trusted Platform Module (TPM) 1.2 or a USB flash drive (Windows 8 Pro only)
  • Client Hyper-V requires a 64-bit system with second level address translation (SLAT) capabilities and additional 2 GB of RAM (Windows 8 Pro only)
  • A TV tuner is required to play and record live TV in Windows Media Center (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)
  • Free Internet TV content varies by geography, some content might require additional fees (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)

දැනට බහුලවම භාවිත වන නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් සෙවන් පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට පරිගණකයක සපුරා ලිය යුතු මූලික අවශ්‍යතාවයන් පහත දැක්වේ.
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
Additional requirements to use certain features:
  • Internet access (fees may apply)
  • Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware
  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
  • For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required
  • Windows Touch and Tablet PCs require specific hardware
  • HomeGroup requires a network and PCs running Windows 7
  • DVD/CD authoring requires a compatible optical drive
  • BitLocker requires Trusted Platform Module (TPM) 1.2
  • BitLocker To Go requires a USB flash drive
  • Windows XP Mode requires an additional 1 GB of RAM and an additional 15 GB of available hard disk space.
  • Music and sound require audio output
Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware

නමුත් මෙම මූලික අවශ්‍යතා සපුරාලන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම පමණි. එ බැවින් මෙම අවශ්‍යතා සපුරාලන්නේ නම් මෙහෙයුම් පද්ධතිය ධාවනය කරමින් අපට අවශ්‍ය අනෙකුත් වැඩසටහන් ද ධාවනය කරවිය හැකි යයි අප සිතයි නම් එය සාවද්‍ය අදහසකි. අප බොහෝ විට පරිගණකයක් මිලදී ගැනීමට පෙර සිදු කරන වැරදි කාර්යය ද එයයි. එ මෙන්ම වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට සුදුසු පරිගණකයක් තෝරා ගැනීම අනුමත කළ නො හැක්කේ එම සමාගම විසින් ලබන වසර වන විට එක්ස්පී මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ඉවත් කරන මෙහෙයුම් පද්ධතියක් බවට නම් කර ඇති බැවිනි. එසේ වන විට එම මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය වන පරිගණක මෘදුකාංග ආදිය සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් වේ. එ බැවින් බොහෝ දුරට නිර්දේශ කළ හැක්කේ පරිගණකයක් මිල දී ගැනීමේ දී දැනට ඇති නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියට වඩා එක් පියවරක් පිටුපසින් සිටිනි මෙහෙයුම් පද්ධතියක් ධාවනය කළ හැකි පරිගණකයක් තෝරා ගැනීමය. එ විට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග සඳහා සහාය දක්වන Drivers හා අනෙකුත් මෘදුකාංග අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකිය. 

කිරීමට බලාපොරොත්තුවන කාර්යයන් අනුව පරිගණකයක් තෝරා ගැනීම

කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ලිපි සැකසීමේ කටයුතු ආදිය පමණක් නම් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා අවම වශයෙන් 1GB රැම් මතකයක් හා පරිගණකයේ අභ්‍යන්තර මතක සකසනය මෙහෙයුම් පද්ධතියට ධාවනය වීමට අවශ්‍ය අවම සුදුකමට වඩා වැඩි වීම නිර්දේශයයි. එහෙත් පරිගණකය මඟින් වීඩියෝ වැඩසටහන් සංස්කරණය හා ඡායාරූප සැකසීම ආදී කාර්යයන් සිදු කෙරෙනවා නම් අවම වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීම සඳහා අවශ්‍ය රැම් මතකයට වඩා 2 GB වත් රැම් මතකය තිබිය යුතුය. එ විට බාධාවකින් තොරව එම කටයුතු සිදු කර ගැනීමට හැකි වේ. එ මෙන්ම මේ සියළු පරිගණක සඳහා DVD ධාවකයකට වඩා සුදුසු වන්නේ  DVD ලිවීමට ද හැකි  DVD රයිටරයකි

බොහෝ දුරට නිෂ්පාදිත පරිගණක මිල දී ගැනීමේ දී ද නිෂ්පාකයාගේ වෙළඳ නාමයට පමණක්ම නො රැවටී එම පරිගණක නිෂ්පාදකයාගේ ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිතයින් හරහාම පරිගණකය මිල දී ගැනීම අනුමත කරන අතරම පරිගණකයේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත් වීම අධික වන අතර පසු කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින බැවිනි. එ මෙන්ම දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී ගැනීම අවාසිදායක වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම් මිල දී ගත යුතු හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම පරිගණක මතක සකසනයට වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd Generation i3, i5, i7 මාදිලියේ පරිගණක වීම හොඳය.

එ මෙන්ම අදාළ නිෂ්පාදකයාගේ වගකීම් සඳහන් ස්ටිකර් පරිගනකයේ අලවා තිබේ දැයි විමසා බැලීම හා අදාළ වගකීම් කාලය අලෙවි නියෝජිතයාගෙන් විමසා බැලීම ද ඉතා සුදුසු වන අතර පරිගණකයේ හාඩ් ඩිස්ක් ධාවකය අවම වශයෙන් 500GB වත් වීම සුදුසුය. දුනට ඇති නවීනතම පරිගණක සියල්ලක්ම පාහේ S-ATA සම්බන්ධතාවයන් සහිත හාඩ් ඩිස්ක් ධාවකවලින් යුතු ඒවා වන අතර කළින් සඳහන් කළ පරිදි DVD රයිටරයකින් සමන්විත වීම ඉතා හොඳය

එ මෙන්ම මව් පුවරුවට පිටතින් උපාංග සවි කිරීමේ හැකියාවකින් යුක්තදැයි විමසා බැලීම ද කළ යුතු අතර බොහෝ විට ග්රැෆික් කාඩ් ආදිය පිටතින් සවි කිරීමට සඳහා පහසුකම් තිබේ නම් එම පරිගණකය ඉතා හොඳ එකක් බව කිව යුතුය. පරිගණක තිරය ද දැනට ඇති බල ශක්තිය පිරිමසින LCD හෝ LED තිරයක් වීම ඉතාමත්ම සුදුසුය.


ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීම.

නිතර තැන තැන රැගෙන ගොස් තම කටයුතු ඉටු කර ගැනීමට හැකි නිසා ලැප්ටොප් පරිගණකය දැන් ඩෙස්ක්ටොප් පරිගණකයට වඩා ජනප්‍රිය ය. ලැප්ටොප් පරිගණකයක් එම ධාරිතාවයම ඇති ඩෙස්ක් ටොප් පරිගණකයකට වඩා තරමක් වේගය අඩු වන අතර එකම ධාරිතවයක් ඇති වුව ද ලැප්ටොප් පරිගණකය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා මිලෙන් දෙ ගුණයකටත් වඩා වැඩි ය. ලැප්ටොප් පරිගණකයක් මිල දී ගැනීමේ දී ද පිළිගත් වෙළඳ නාමයන් සහිත සහ අදාළ බලයලත් ලාංකික අලෙවි නියෝජිතයාගෙන්ම මිල දී ගැනීම ඉතා සුදුසු වන අතර එය අප්ග්‍රේඩ් කළ හැකි දැයි, එනම්, පසු කාලීනව පවතින දෘඩාංගයන් පරිශීලකයාගේ අවශ්‍යතාවය මත ඉහළ මට්ටමක ඒවා බවට වෙනස් කර ස්ථාපනය කළ හැකිදැයි විමසා සැක හැර දැනගැනීමත්, වගකීම් කාලය ලබා දෙන ආකාරය විමසීමත් අනිවාර්යය අංග වේ. එ මෙන්ම දැනට පවතින නවීනතම මාදිලියේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත් වීම අධික වන අතර පසු කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින බැවිනි. එ මෙන්ම දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී ගැනීම අවාසිදායක වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම් මිල දී ගත යුතු හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම පරිගණක මතක සකසනයට වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd Generation i3, i5, i7 මාදිලියේ අභ්‍යන්තර දත්ත සකසන සහිත ලැප්ටොප් පරිගණක වීම සෑහේ. එ සේම බ්ලූටූත් සබඳතාව හා වයිෆයි සබඳතාවයත් DVD රයිටරයකින් සමන්විත වීමත් අනිවාර්යය අංගයක් විය යුතුය. 

එසේම ලැප්ටොප් පරිගණක තුළින් වීඩියෝ ක්‍රීඩා කිරීම අනුමත කළ නොහැකිය. එයට හේතුව එ විට එහි බැටරිය ඉක්මණින්ම බැස යාම හා ඒ මඟින් නැවත නැවත ආරෝපණය කිරීම තුළින් ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉක්මණින් අභෘවිතයට පත් වීම සිදු විය හැකි බැවිනි. එ මෙන්ම අධික ලෙස රත් වීම තුළින් අභ්‍යන්තර උපාංගවලට හානි සිදු විය හැක. 

මෙ ලෙස පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි පරිගණකයක් මිල දී ගත් පසු එයට අවශ්‍ය පරිදි මෘදුකාංග යොදාගෙන කටයුතු සිදු කර ගත හැකි අතර මේ කොයි මාදිලියේ පරිගණකයක වුවද වගකීම් කාලය ඉකුත් වන තෙක් වත් අනවශ්‍ය පරිදි කොටස් ගැලවීමට යාම මඟින් වගකීම අහෝසි වී යාම සිදු විය හැකි බව මතක තබා ගත යුතුය. එ මෙන්ම යොදා ගන්නා මෘදුකාංග ද නවතම සංස්කරණයන් වූ තරමටම වැඩ කටයුතු කරගෙන යාමේ දී අපහසුවක් ඇති නොවේ. මෙලෙස අප පරිගණකය පිළිබඳව වන මූලික මට්ටමේ දැනුම පිළිබඳව ලිපි පෙළ මෙතෙකින් අවසන් කරන අතර මී ළඟට අප දිවියේ සමීපතම මිතුරා වන ජංගම දුරකථය පිළිබඳව ලිපි මාලාවක් සමඟින් හමුවෙමු.

3 comments: