Friday, July 20, 2018

Google ගිණුම හරහා ලබාගත හැකි සේවාවන් තුළින් ඵලදායී රාජ්‍ය සේවාවක්( 01 කොටස)

Google ගිණුම හරහා ලබාගත හැකි සේවාවන් තුළින් ඵලදායී රාජ්‍ය සේවාවක්
01 කොටස

මේ වනවිට කාර්යාලයීය රාජකාරි කටයුතු සිදු කරන සියළුම නිලධාරීන් හට අවම වශයෙන් එක් Google ගිණුමක් (විද්‍යුත් තැපැල් ලිපිනයක්) ඇති අතර,ඒ හරහා බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ විද්‍යුත් තැපෑලට සම්බන්ධ කටයුතු හෝ තම ජංගම දුරකථන සම්බන්ධ කටයුතු පමණි.එසේ වුවද මෙම බලසම්පන්න මුත් අප නොදන්නා එක් Google ගිණුමක් හරහා සිදු කළ හැකි බොහෝ කටයුතු ඇති අතර එය අප රාජ්‍ය සේවයේ කටයුතු සඳහාද ඉතා ඵලදායී ලෙස යොදාගත හැක. ඒ පිළිබඳව පහත රූප සටහන් තුළින් පැහැදිලි කිරීම මෙය සකස් කිරීමේ අපේක්ෂාවයි.





 අප අන්තර්ජාලය වෙත පිවිසෙන සෑම විටම Google සෙවුම් යන්ත්‍රය හරහා ඉහත කී කවුළුව දර්ශනය වන අතර අපට අවශ්‍ය සෙවුම ලබාගන්නවා හැරෙන්නට බොහෝදෙනා ඊ හිස මඟින් දක්වා ඇති කොටස පිරික්සා බැලීමට උනන්දුවක් නොදක්වයි. නමුත් Google ගිණුමේ බලසම්පන්නම උපාංගයන් සියල්ලක්ම පාහේ සඟවා ඇත්තේ මෙම දක්වා ඇති ඊ හිස සහිත කොටසේ වන අතර, එහි එකින් එක පිළිබඳව කෙටි හැඳින්වීමක් මඟින් ඒවායේ රාජකාරි කටයුතු සඳහා ලබාගත හැකි දායකත්වය පිළිබඳව විමසා  බැලීම වටිනේයයි සිතමි.



  ඊ හිස සහිත කොටස තුළ පවතින යෙදවුම්.








 1.Account


මෙම කොටස තුළින් Google ගිණුමට අනුබද්ධ සියළුම යෙදවුම් පෙන්වා දෙනු ලබන අතර, Google ගිණුමට අනුබද්ධ ආරක්ෂාව පිළිබඳව යම් අවබෝධයක් ද ලබාගැනීමට හැකියාව පවතී.






 2.Search


               මෙය අප කවුරුත් වැඩි වශයෙන් භාවිත කරන Google Search යෙදුමයි. මේ හරහා සියළුම සෙවුම් කටයුතු බොහෝ අවස්ථාවලදී ඉතා නිවැරදිව ලබාගත හැකිවීම අතිශයින්ම ප්‍රයෝජනවත්ය.






 3.Maps


            රාජ්‍ය සේවකයන් වශයෙන් ඉතා වටිනා වන මෙම යෙදුම හරහා සිතියම් නිරීක්ෂනය සඳහා මනා පහසුවක් සලසාදෙන අතර, බොහෝ අවස්ථාවන්වලදී මහාමාර්ග මෙන්ම ඉඩම් කොටස් හඳුනාගැනීම් හා විවිධ භූ ලක්ෂණ හඳුනාගැනීමටද මනා උපකාරීත්වයක් දක්වයි. මෙහි සිතියම් ආකාරයෙන් මෙන්ම චන්ද්‍රිකා දර්ශන අනුසාරයෙන්ද දර්ශනය වීම් සකසා ගතහැකිවීම බොහෝ භූවිද්‍යා කටයුතුවලදී දායකත්වය ලබාගැනීමට උපකාරී වේ.






4.Youtube


              රාජ්‍ය සේවකයන්ට විවිධාකාර වූ විෂයය පරාසයන් ඔස්සේ දැනුම තීව්‍ර කරගැනීමට භාවිත කළහැකි මාධ්‍යයක් වුවද, ඒ වෙනුවෙන් කාලය මිඩංගු කරනුයේ අල්ප වශයෙනි. විවිධාකාර වූ අධ්‍යාපනික මාධ්‍යන් වෙනුවෙන් ඩීඩියෝ වැඩසටහන් සකසා තම Google ගිණුම හරහා ඒවා අන් අයටද නැරඹීමට හැකි ආකාරයට මුදාහැරීමටද  මෙමඟින් හැකියාව ලැබේ. ඉතා වටිනා යෙදුමකි.


5.Play


ජංගම දුරකථන බලසම්පන්න කරනු ලබන මෙම යෙදුම Android මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන වඩාත් ථලදායී මෙවලමක් බවට පත්කරලීමට අවස්ථාව උදාකරදෙයි. ක්‍රීඩාවලට වැඩියමක් භාගත කරගනිමින් ජංගම දුරකථනය කාර්යාලයීය කටයුතු සඳහා උපයෝගී කරගත හැකි මෙවලමක් බවට පත්කරලීමට මෙමඟින් නිතැතින් හැකියාව ලැබේ.




6.Gmail

Google හි ප්‍රධාන පහසුකම වන මෙමඟින් ආයතන කටයුතු පහසු කරවාගැනීම පිළීබඳව වෙනමම විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු. 


7. Contacts

ජංගම දුරකථනයේ මෙන්ම Gmail ගිණුම්වල පවතින Contacts ද ගබඩා කර තබාගැනීම මෙම යෙදුම තුළින් ඉතා පහසු කරයි.



8.Drive


සියළුම ගොනු වර්ග ගබඩා කරතැබීමේ මාධ්‍යයක් ලෙස භාවිතයට ගතහැකි මෙම යෙදුම භාවිතය පිළිබඳව දැනුම ඇති රජයේ නිලධාරීන් ඉතා අල්පය. එදිනෙදා රාජකාරියට අත්‍යාවශය වන සියළුම ලේඛන පරිලෝකනය කර මෙහි ගබඩා කර තබාගැනීම තුළින් මනා ආරක්ෂාවක් ඇතිව අන්තර්ජාල සබඳතාව ඇති සියළුම උපාංග හරහා ඒවා අවශ්‍ය අවස්ථාවන්හිදී භාවිතයට ගැනීම තුළින් ලිපිගොනු ඔසවාගෙන යාමේ අවශ්‍යතාව මඟහැරෙන අතර, හුවමාරු කිරීමේ පහසුවද නිතැතින්ම ළඟාකරගැනීමට හැකියාව පවතී.


මෙවන් වටිනා සේවයක් සලසන Google ගිණුම හා සබැඳි අනෙකුත් සේවාවන් පිළිබඳව විස්තරාත්මක ලිපියකින් මීළඟ කොටසින් මුණගැසෙමු...